මෙරට කුඩාම පටක රෝපණ විද්‍යාගාරය (වීඩියෝ)

ජන 11, 2020
  • මෙරට කුඩාම පටක රෝපණ විද්‍යාගාරය, පූජ්‍ය මඩවල උපාලි හිමියන් විසින් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

    බණ්ඩාරවෙල රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේ ස්ථාපනය කර තිබෙන මෙම පටක රෝපණ විද්‍යාගාරය සියලුම අංග උපාංගයන්ගෙන් යුක්තයි. කුඩා ඉඩක නිරෝගී ශාක විශාල ප්‍රමාණයක් මෙමගින් නිෂ්පාදනය කර ගත හැකි බවයි පූජ්‍ය මඩවල උපාලි හිමියන් සඳහන් කරන්නේ.

    මීට පෙර උන්වහන්සේ සූර්ය බලයෙන් ධාවනය වන රථයක් නිපදවා ඊට පේටන්ට් බලපත්‍රය ද හිමිකරගෙන තිබේ.

    Latest News