පෙත්සමේ තීන්දුව ගැන කියන හරීන්

දෙසැ 08, 2018

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සමේ තීන්දුව සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තුවක් තබා ඇති බව, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    දැනට පාර්ලිමේන්තුව තුල බහුතරයක් ඇති බැවින් අග්‍රාමාත්‍ය ධුරය සිය කණ්ඩායමට ලබාගැනීමට ක්‍රියා කරන බව ද ඔහු කියා සිටියේය. දැනට අග්‍රාමාත්‍ය ධුරය සඳහා යෝජනාව ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව වෙනස් කිරීමට සූදානමක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.

    මේ අනූව, දැනට පවතින දේශපාලන තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් වශයෙන් යුක්තියේ ජන බලය වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මේ තුලින් විශාල ජන බලයක් ගොඩනැගීම අරමුණ බව ද ඔහු පෙන්වා දුන්නේය.

    Latest News