මෙහි එක් නිවසක් තුළ රිංගා නිවස කඩාදමා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේය. එම අවස්ථාවේ නිවස් හිමියා කාමරයක නිදාගෙන සිට ඇති අතර නිවසේ ජනේලයෙන් ඇතුලට පැමිණ ඔහු නිදා සිටි කාමරයේ දොරට ප්රහාරයක් එල්ල කර තිබේ. එම ප්රහාරය සමග දොර ඇරි ඇති අතර ඔහු කාමරයේ ජනේලයෙන් එලියට පැන ජීවිතය බේරා ගැනිමට සමත්ව ඇත.
පසුව නිවසතුල සිට අලියා නිවසේ බිත්ති පෙරලා විනාශ කර තිබේ. වෙනත් නිවසකට ගොස් එම නිවසේ ඉදිරිපස නවතා තිබු ත්රිිවිල් රථයටද ප්රහාරයක් එල්ල කර අලියා පලා ගිය බව ගම්වැසියන් කියති.