ඒ සඳහා මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහය ලැබී තිබේ. ගෘහසේවිකාවන් ලෙස සේවය කිරීමට කුවේට් බලා පිටත්ව ගිය මේ පිරිසට එහිදී විවිධ අසාධාරණයන්ට ලක්වීමට සිදුවූ බවයි, වාර්තා වන්නේ.
වැටුප් නිසි පරිදි නොගෙවීම,හාම්පුතුන්ගේ නිවෙස්වල දී තාඩන පීඩනවලට ලක්වීමට සිදුවීම ආදී කරුණු හේතුවෙන් එම කාන්තාවන්ට කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය සළසා තිබිණ. අද උදේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි පිරිසට නිවෙස් බලා යාමට අවශ්‍ය සියලු පහසුකම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සපයා තිබේ.