චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙසේ ඇප නියම කර ඇත.
ඒ අනුව එක් එක් විත්තිකරුවෙකුට රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.
මෙම නඩුව අද(24) කැඳවු අවස්ථාවේදී නඩුවේ 13 වන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණයේ පෙනී නොසිටි බව වාර්තාවේ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයට දන්වා සිටියේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් විත්තිකරුට සිතාසි භාර දීම පිළිබඳව වාර්තාවක් මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවයි.
ඒ අනුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට නැවත සිතාසි නිකුත් කිරීමට ද අධිකරණය නියම කර තිබේ.
ඉන් අනතුරුව විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍රය භාර දීමට සූදානම් වූ අවස්ථාවේදී එය මෙම අවස්ථාවේ නොකරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු වන අනිල් සිල්වා මහතා විසින් විරෝධතා ඉදිරිපත් කර ඇත.
එම විරෝධතාව ප්‍රතික්ෂේප කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාර දීමට නියම කර තිබේ.