නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට

දෙසැ 06, 2024

    ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

    හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාශයේ ගම්මහේගේවැව ශ්‍රී බෝධිරුක්ඛාරම විහාරස්ථාන භූමියේ සහ පදවිය ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාශයේ අරුණගම ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථාන භූමියේ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 05 වැනි දින සිදු කෙරුණා.

    ඒ අනුව මෙම විශේෂ ව්‍යාපෘතිය යටතේ මේවන විට ජල පිරිපහදු මධ්‍යස්ථාන 09 ක් ස්ථාපනය කර තිබෙනවා.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, තඹුත්තේගම, කැකිරාව, තලාව, කහටගස්දිගිලිය, නොච්චියාගම, සහ තිරප්පනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් තුල ස්ථාපනය කෙරෙන තවත් ජල පිරිපහදු මධ්‍යස්ථාන 22 ක් දෙසැම්බර් මස 13 වැනි දින වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.

    Latest News