දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම ශ්‍රමිකයින් සේවා ගිවිසුම ඉක්මවීම, රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර, වැටුප් නොලැබීම, සේවා ගිවිසුම කඩවීම හා අසනීප තත්ත්වයන් හේතුවෙන් තානාපති කාර්යාලය වෙත වාර්තා කරන ලදී.
මෙසේ පැමිණි ශ්‍රමිකයින් අතරින් විසි අට දෙනෙකු සුබසාධන පහසුකම් හා අවශ්‍ය උපදේශන බලාපොරොත්තුවෙන් ගුවන්තොටුපල පරිශ්‍රයේ ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශ කවුළුව වෙත යොමු විය.
ශ්‍රමිකයන් දහතුන් දෙනෙකු කාර්යාංශයේ සහන පියස මධ්‍යස්ථානය වෙතින් ගමන් වියදම් හා ආහාරපාන ලබාගෙන තම නිවෙස් බලා පිටත්වූ අතර අනෙකුත් ශ්‍රමිකයින් තම නෑදෑ හිතවතුන් සමග ගුවන්තොටුපලේදීම නිවෙස් බලා පිටත්විය.