තැපෑලෙන් ආ 'හෂීස්' පාර්සලය එළියට

පෙබ 12, 2020

    මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණු මත්ද්‍රව්‍ය පාර්සලයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබේ.

    පාර්සලය ලැබී ඇත්තේ, මෙක්සිකෝවේ සිටයි. එය බාරගැනීමට පැමිණි තරුණයා පන්නිපිටිය,පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචි 29 වියැති අයෙක්. මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනූව පාර්සලය පරීක්ෂා කිරීමේ දී ඒ තුල තිබූ ග්‍රෑම් 502ක හෂීස් හමුවී තිබේ. සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 09:43

    Latest News