ඒ අනුව, මේ වර්ෂයේ අදාළ ගුරු මාරු කටයුතු ක්‍රියාත්මක කරන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ හේතුවෙන් ගුරු මාරු මණ්ඩල රැස්වීම් නතර කිරීමක් සිදු නොවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු ස්ථාන මාරු සඳහා නව විද්‍යුත් යෙදවුමක් (App) හඳුන්වාදීමට නියමිත අතර එමඟින් ගුරුවරුන්ට වඩාත් පහසුවෙන් හා ක්‍රමවත් ව හා පෞද්ගලිකව ම අන්තර්ජාලය හරහා තමන්ගේ ගුරු ස්ථාන මාරුව පිළිබඳ විනිවිදභාවයෙන් යුතු ව තොරතුරු යාවත්කාලීන කරගැනීමට ද අවස්ථාව සැලසෙනු ඇත.