සාමය-සංහිඳියාව රට පුරා පැතිරේවා - විපක්ෂ නායක

පෙබ 21, 2020

    ලෝකවාසී සමස්ත හින්දු ජනතාවට සාමය, සංහිඳියාව උදෙසා මඟ කියන අර්ථපූර්ණ මහා ශිව රාත්‍රී දිනයක් වේවා යැයි මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

    “බෞද්ධයන්ට වෙසක් උත්සවය වැදගත් වනවා සේ හින්දු බැතිමතුන්ට මහා ශිව රාත්‍රිය වැදගත් ආගමික දිනයකි. එනිසාම බොහෝ ආගමික වතාවත් උපවාස කිරීමේ ස්වරූපයක් ගෙන ඇත. මෙම දිනයේ දී හින්දු බැතිමත්හු බොහෝ දෙනා තම ආත්ම භවය සකස් කර ගැනීම සඳහා නිරාහාරව, නිදි වර්ජිතව සිටිමින් ශිව ලිංගය උදෙසා විවිධ පුණ්‍යකර්ම පූජාවන්වල යෙදේ. ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව ස්වකීය ආධ්‍යාත්මික ජීවිතය සුපසන් කර ගැනීමයි.

    මිනිස් වර්ගයා අතර සංහිඳියාව සහ සහජීවනය ඇතිවීමටද මං පාදන පුණ්‍ය වන්ත චිනයක් ලෙස හැඳින්විය හැකි ශිවරාත්‍රී දිනය අරුත් ගන්වන්නේ මානව සංහතියේ ශාන්තියයි.

    ලෝකවාසී සමස්ත හින්දු ජනතාවට සාමය, සංහිඳියාව උදෙසා මඟ කියන අර්ථපූර්ණ මහා ශිව රාත්‍රී දිනයක් වේවා.“යැයි විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

    Latest News