පිළිමතලාව - වත්තේගම ධාවනයට නව දුම්රියක්

පෙබ 24, 2020

    පිළිමතලාව හා වත්තේගම අතර නව දුම්රියක් අද සිට ධාවනයට එක් කෙරේ. ඒ මහනුවර නගරයේ පෙරවරු කාලයේ පවතින අධික වාහන තදබදයට විසඳුමක් ලෙසයි.

    නව දුම්රිය අද පෙරවරු 7.50ට පිළිමතලාවෙන් ගමන් ආරම්භ කෙරිණ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය. පෙරවරු 7.50ට පිළිමතලාවෙන් ගමන් ආරම්භ කරන නව දුම්රිය වත්තේමට ළඟා වන්නේ, පෙරවරු 8.56ටයි. නව දුම්රිය සේවාව ආරම්භ කෙරුණේ, පාසල් ළමුන් හා කාර්යාල සේවක සේවිකාවන් ඉලක්ක කර ගනිමින්.

    Last modified on සදුදා, 24 පෙබරවාරි 2020 09:57

    Latest News