කලමැටිය මාදැල් හිමියන්ට රු.මිලියන 140ක වන්දි

පෙබ 29, 2020

    වෙරළාශ‍්‍රිත ධීවර ප‍්‍රජාව වෙත කාළගුණ නිවේදන සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ආරම්භ කිරීම සහ කලමැටිය මාදැල් හිමියන් සඳහා වන්දි ප‍්‍රදානය ඊයේ (28) තංගල්ල ධීවර වරායේ දී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    තංගල්ල ධීවර වරායත්, හම්බන්තොට ධීවර වරායත් අතර ප‍්‍රදේශයේ පදිංචි බහුදින ධීවර යාත‍්‍රා හිමියන්ගේ ධීවර යාත‍්‍රාවලට සහ දකුණු ප‍්‍රදේශයේ සිට නැගෙනහිර දක්වා ගමන් කරන බහුදින ධීවර යාත‍්‍රාවලට නැංගූරම්ලෑමට ධීවර වරායක් නොතිබිණි.

    එම නිසා 2014 වසරේදී සඳහා කළමැටිය ධීවර වරාය ඉදිකරනු ලැබීය. මෙම වරායට වම්පසින් ඉතා ඉහළ මත්ස්‍ය අස්වැන්නක් ලබා දුන් මාදල් වරායක් පිහිටා තිබුණු අතර එහි මාදැල් 28ක් ක‍්‍රියාත්මකව තිබිණි.

    වරාය ඉදිකිරීම හේතුවෙන් මෙම මාදැල් කර්මාන්තය අක‍්‍රිය වීමෙන් අපහසුතාවයට පත් වූ මාදැල් හිමිකරුවන් 28ක් සඳහා මෙම උත්සවයේදී වන්දි ප‍්‍රධානය කෙරිණි.

    එක් මාදැල් හිමිකරුවෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 බැගින් මෙහිදී වන්දි ප‍්‍රධානය කෙරුණු අතර සමස්ත වන්දි මුදලේ අගය රුපියල් මිලියන 140කි.

    මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය අමත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක, ඞී.වී.චානක, ධීවර අමාත්‍යංශ ලේකම් ආර්.එම්.අයි. රත්නායක මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 07:28

    Latest News