කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාගේ ඉල්ලීම මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිණ. වසර 2005 සිට 2015 වසර දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට සහ පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම පිළිබඳව පත් කරන ලද කමිටුවක නිර්දේශ මත මෙම මාධ්‍යවේදීන් සඳහා වන්දි ලබා දීම සිදු කෙරේ.