2017 වසරේ ඇති වූ ගංවතුරින් වෙරළ තීරයට හානි සිදුවී තිබිණ. ඩෙන්මාර්ක් රජයේ තාක්ෂණික උපදේශකත්වය යටතේ විශේෂ නෞකාවකින්, මුහුදේ සිට වෙරළ තීරයට වැලි පොම්ප කෙරේ.
කිලෝ මීටරයකට පමණ දුර ප්රමාණයකින් යුක්තව ඉදිකිරීමට නියමිත මෙම වෙරළ තීරය, මාස තුනක් ඇතුළත නිම කිරීමට අපේක්ෂිතයි.
රජය මීට වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 89ක්. වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ඉදිකිරීම් අධීක්ෂණය කෙරේ.