රිය අනතුරුවලින් මියයන වැඩි පිරිසක් ඵලදායි වයස් කාණ්ඩයේ පසුවන්නන් (වීඩියෝ)

පෙබ 29, 2020
  • රිය අනතුරුවලින් දිනකට 7 දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් මියයන බව පොලිසිය පවසනවා.

    එම පිරිස ඵලදායි වයස් කාණ්ඩයේ පසුවන්නන්වීම විශාල ඛේදවාචකයක්. පසුගිය දිනවල ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මාරක රිය අනතුරු වාර්තා වුණා. ඉන් ජිවිත හානි රැසක් සිදුවූ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. මෙවැනි අනතුරුවලින් මියයන හා තුවාල ලබන පිරිසට අමතරව, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් ද දැඩි පීඩාවකට ලක්වනවා.

    පොලිස් දෙපාර්තමේන්තුව දත්තවලට අනුව 2017 වසරේදී 3,154 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඉන් බහුතරය යතුරු පැදිකරුවන්. එම සංඛ්‍යාව 1,023ක්. පදිකයින් 959 දෙනෙකු ද ඒ අතර වනවා. 2018 දී 3,151 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇති අතර, සිදුව ඇති අනතුරු සංඛ්‍යාව 2,994ක්. ඉන් මියගිය දහසකට අධික පිරිසක් යතුරු පැදිකරුවන්. පසුගිය වසරේ රිය අනතුරු 2,605ක් සිදුව තිබෙනවා. ඉන් ජිවිතක්‍ෂයට පත්වූ සංඛ්‍යාව 2,839ක්.

    රථවාහන අධිකවීම, මාර්ග පද්ධතිය නිසි ලෙස සකස් නොකිරීම, මාර්ග නීති කඩ කිරීම් සහ පදිකයන්ගේ නොසැලකිලිමත්කම අනතුරුවලට හේතුවී තිබෙනවා. ත්‍රීරෝද රථ හා යතුරු පැදි අනතුරුවලින් මියයන 95%ක් වයස අවුරුදු 15-35ත් අතර පසුවන තරුණ ප්‍රජාවයි.

    Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 20:16

    Latest News