නිදහස ආරක්‍ෂා කරන්න පුලුවන් පාර්ලිමේන්තුවක් පත්කරන්න; එ.ජා.ප නායක (වීඩියෝ)

පෙබ 29, 2020
  • “පාර්ලිමේන්තු ඡන්දයක් එනවා. හොඳ පාර්ලිමේන්තුවක් පත් කරන්න, යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ හමුවක් මාතර දී අද පැවැත්වූ අවස්ථාවේදී. මෙය සංවිධාන කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසිනි. පාක්‍ෂිකයින් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    එහිදී අදහස් දැක්වූ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා....

    “පාර්ලිමේන්තු ඡන්දයක් එනවා. හොඳ පාර්ලිමේන්තුවක් පත් කරන්න. සහන ලබාදෙන්න පුලුවන් අය පත්කරන්න. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුලුවන් පාර්ලිමේන්තුවක් පත්කරන්න. නිදහස ආරක්‍ෂා කරන්න පුලුවන් පාර්ලිමේන්තුවක් පත්කරන්න. අපි කරන්න පුලුවන් සමහරු හැම අවස්ථාවකදීම අපට එරෙහි වුණා. මේ සැරේ අපි සන්ධාන වෙලා එනවා 1947 ඉඳන් මේ රටේ අමාරුම කාලේ රට බේරගත්තේ එක්සත් ජාතික පක්‍ෂය. ඒක අමතක කරන්න එපා“ යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 20:17

    Latest News