වැල්ලවත්ත-බත්තරමුල්ල නව මගී බෝට්ටු සේවය හෙට (11) උදේ 8.00ට (වීඩියෝ)

මාර් 10, 2020
  • වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා නව මගී බෝට්ටු ප්‍රවාහන සේවය හෙට ආරම්භ වනවා.

    වාහන තදබදයට විසඳුමක් ලෙසයි, මෙය ක්‍රියාත්මක වන්නේ. හෙට උදේ 8.00ට වැල්ලවත්ත බෝට්ටු නැවතුම් අංගනයේ දී සේවාව ආරම්භ කිරීමට නියමිතයි. බෝට්ටු සේවය ක්‍රියාත්මක කරන්නේ, ඉඩම් සංවර්ධන සංස්ථාවට අනුබද්ධ පෞද්ගලික සමාගමක් මගින්. එය වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා දිවෙන ඇල මාර්ගය ඔස්සේ ක්‍රියාත්මකයි.

    වැල්ලවත්තෙන් උදේ 6.50 සිට 9.00 දක්වා විනාඩි 30කට වරක් බත්තරමුල්ල දියත උයන වෙත මගී බෝට්ටු ධාවනය කෙරෙනවා. සවස 4.00 සිට රාත්‍රී 7.00 දක්වා ද මෙම සේවය ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ. වැල්ලවත්ත සිට බත්තරමුල්ලට විනාඩි 25කින් ළඟා විය හැකියි. ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 60ක්. ආරම්භයේ දී වායු සමනය කළ බෝට්ටු 4ක් යෙදවෙනවා. නව බෝට්ටු සේවාව ක්‍රියාත්මක වන්නේ නාවික හමුදාවේ දායකත්වයෙන්.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 20:09

    Latest News