රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ මීට පෙර 1993 වසරේ සිට 1994 දක්වාත් 2001 වසරේ සිට 2004 දක්වාත් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අතර 2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.
පසුගිය ඔක්තෝම්බර් 26 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කළ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත් කරනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද නැවතත් අග්‍රාමථ්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.