අඩි 98ක විෂ්කම්භයකින් යුත් මෙම ග්රාහක කැබැල්ල පැයට සැතපුම් 100,000 වඩා වේගයෙන් ගමන් කරන බව, නිරීක්ෂණය කර තිබේ. ලංකාවේ වේලාවෙන් අද උදෑසන 8.30ත් 9.00ත් අතර කාලය තුළ පෘතුවිය ආසන්නයෙන් ග්රාහකයා ගමන් කිරීමට නියමිත බවයි, නාසා ආයතනය පවසන්නේ.
ග්‍රාහකයේ ප්‍රමාණය කුඩා බැවින් ඉන් පෘතුවියට හානියක් නොවනු ඇති බවයි, විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. යම් හෙයකින් එය පෘතුවි වායුගෝලයට ඇතුළු වුනහොත් ඉන් ඇති වන ආලෝකය සූර්යයලෝකය මෙන් 30 ගුණයකින් වැඩි විය හැකි බැවින්, එම ආලෝකය නැරඹීම මගින් දෘෂ්ටි දෝශ ඇතිවීමේ අවධානමක් බව ද බලධාරීන් අවධාරණය කරයි.