විදේශ රැකියා ගැන තොරතුරු සඳහා '1989' අමතන්න

මාර් 21, 2020

    විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු හා පැමිණිලි සදහා පැය 24 පුරා සම්බන්ධ විය හැකි 1989 ක්ෂණික අංකයක අමතන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ දැනුම් දෙයි. 

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය වෙත හෝ දිවයින පුරා පිහිටි පලාත් කාර්යාල, පුහුණු මධ්‍යස්ථාන වෙත පැමිණිම වෙනුවට මෙම අංකය ඇමතීමෙන් අදාල විස්තර හා සේවා ලබාගන්නා ලෙසයි, විදේශ සේවා නියුක්ති කාර්යාංශය විගමණික ප්‍රජාවට හා මහජනතාවට දැනුම් දෙන්නේ. 

    මේ දිනවල ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය (කොවිඩ් -19) හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සලකා ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ සංචරණය වීම අවම කිරීම හේතුකොට ගෙන මෙම පියවර ගෙන තිබේ.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 08:54

    Latest News