විෂබීජ හරණයට ඉසින යන්ත්‍ර 4000ක්

මාර් 21, 2020

    කොරෝනා වෛරසය මර්දනය වෙනුවෙන් කෙරෙන විෂබීජ හරණයට යොදාගන්නා දියර ඉසීමේ යන්ත්‍ර 4000ක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙන් බෙදා දෙනු ලැබීය.

    පළාත් සෞඛ්‍ය කොමසාරිස්වරු වෙත යන්ත්‍ර බෙදාදීම බත්තරමුල්ලේ පිහිටි එම අධිකාරියේ දී අද (21) පස්වරුවේ සිදු කෙරිණ.

    යන්ත්‍ර වටිනාකම රුපියල් 15,000/ ක්, 20,000/- ක් අතරවේ. එහි ධාරිතාව ලීටර් 16කි. රෝහල්, පොලීසි, බන්ධනාගාර,ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාල හා දුම්රිය ස්ථානවලට යන්ත්‍ර බෙදාදීමට කටයුතු කෙරේ.

    වැවිලි කර්මාන්ත හා අපනයන කාෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහනට අමාත්‍යාංශ නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 17:00

    Latest News