නිරෝධායන සහ ඇඳිරි නීතිය කඩකළොත් වසර 02 ක සිරදඬුවමක්

මාර් 21, 2020

    නිරෝධායන සහ ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින්ට වසර 02 ක බරපතල වැඩ සහිත සිරිදඬුවමකට සහ දඩයකට යටත් කළ හැකි බව පොලිස් මූලස්ථානය පවසනවා.

    ඒ පිළිබඳ කරුණු දැක්වූ පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

    නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයින් රටම අනතුරකට හෙළන බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දුන්නේ.

    නිරෝධායන මධ්‍යස්ථාන 22 ක 3,000 කට අධික පිරිසක් නිරෝධායනයට ලක්කර ඇති බව ද යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 17:05

    Latest News