ඇදිරි නීති ඉවත් කිරීමෙන් පසුව පුත්තලම නගරයට පැමිණෙන ජනතාව ඉලක්ක කරගෙන මෙම විෂබීජ හරණය සිදු කෙරිණ.
පුත්තලම පොලිස් අධිකාරි ජේ.ජි.එස් ජයමහා, සහකාර පොලිස් අධිකාරි චන්දන හේරත් , පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක පි.කුමාරදාස මහත්වරුගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරෙණි.