සරසවි සිසුන්ගේ අධ්‍යයන කටයුතු වලට අන්තර්ජාල පහසුකම

මාර් 23, 2020

    මෙරට රජයේ විශ්ව විද්‍යාලවල ඊ - ඉගෙනුම් (e- learning) ක්‍රමය යටතේ ලියාපදිංචිව ඇති සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට උපදෙස් දී තිබේ.

    මෙම වැඩසටහන  අද (23) සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පැවසීය.

    සිසුන්ගේ තොරතුරු විශ්වවිද්‍යාල වලින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මඟින් විදුලි සංදේශ නියාමන කොමිසමට යොමු කර ඇත.

    පවතින තත්ත්වය සමතයකට පත්වන තෙක් පමණක් අන්තර්ජාල පහසුකම් සැපයීම නොමිලේ සිදු කරන බව නිවේදනයක් නිකුත් කරමින් රජය කියා සිටී.

    Latest News