අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීමට දිවයිනේ පිහිටි සුපිරි වෙළෙඳසැල්වලට අවසර දී තිබුනද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇත. එම නිසා වහාම එම වෙළෙඳසැල් වසා දැමීමට ද පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබේ.
හෙට සිට රාජ්‍ය ඔසුසැල් වලින් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මගින් ඖෂධ ලබා ගැනීම සිදුවේ. පහත අංකවලට whatsapp,viber,MMS ඔස්සේ බෙහෙත් වට්ටෝරු යොමු කළ හැකියි.