අනුරාධපුරයෙන් වී මෙට්‍රික් ටොන් 4712ක් රජය මිලදී ගනී

මාර් 28, 2020

    මහ කන්නය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 4712ක් මේ වනවිට රජය මිලදී ගෙන ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් වී අලෙවි මණ්ඩලය පවසයි.

    මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම් මාර්ගය දෙපස ගොවිජනතාව වී වේලන අයුරු දක්නට ලැබුණි.

    මේ අතර ඇසුරුම් කරන ලද මාලු සකසා නිවාස වෙත ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙළක්ද අද ලංකා ධීවර සංස්ථාව විසින් ආරම්භ කරනු ලැබුවේය.

    ජනතාවට හිඟයකින් තොරව ලුණු ලබා දීම සඳහා නිශ්පාදනය ඉහළ නංවන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසයි.

    මේ අතර බේකරි ආහාර අලෙවිකරන ජංගම වෙළෙඳුන් නියමිත සෞඛ්‍යආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිවෙස්වලටම ගොස් ආහාර අලෙවිකරන අයුරු බදුල්ල දිස්ත්‍රික්කයේදි මෙලෙස දක්නට ලැබුණි.

    Latest News