ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින හොරණ අපනයන සැකසුම් කලාපයේ සේවක සේවිකාවන් 700කට ආසන්න සංඛ්‍යාවක් ගම්බිම් කරා පිටත් කර හැරීම අද පෙරවරු 7.00ට ආරම්භ කෙරිණ. බස් රථ 23ක් මේ සඳහා යොදවා තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, යුද හමුදාව හා වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග එක්ව වැඩපිළිවෙළ ක්‍රියාවට නංවයි.