මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට විවිධ ප්‍රදේශවලින් අදත් එළවළු තොග පැමිණ තිබිණ. ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල බෙදා හැරීම සඳහා සහ පරිභෝජනය සඳහා එළවළු අලෙවි විය.
ජනාධිපතිතුමාගේ නියමය පරිදි ජනතාවට අපහසුවකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ජංගම සේවය මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කය පුරා ඉතා ක්‍රමවත්ව ක්‍රියාත්මක වෙයි. සහන මිලට එළවළු මලු ගෑස් ආදිය නිවෙස් වෙත ගෙන එන අන්දම දැක ගත හැකියි. ධීවරයින් ද ඇඳිරි නීති කාලය තුළ ලැබී ඇති අවසරය මත ධීවර කර්මාන්තයේ නිරත වෙයි.