03 වන අදියර ලංකාව අවදානම්..... තීරණාත්මක සතියක්

මාර් 29, 2020

    අප්‍රේල් 07 වනදා දක්වා වන කාලයේදී ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාධිතයන් ඉහළ යාමේ තත්ත්වයක් පෙන්නුම් කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ මේ වන විට වෛරසය පැතිරීමේ තෙවන අදියරට එනම් කණ්ඩායම් වශයෙන් පැතිර යන තත්වයට පැමිණ ඇති බවයි.

    වෛරසය පැතිරීම සිව්වන ඉදිරියට එනම් සමාජය තුළ පැතිර යාමේ තත්වයට පැමිණිය හොත් එය වඩාත් භයානක තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.

    Latest News