ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීමට 7,358 දෙනෙක්‌ අත්‌අඩංගුවට

මාර් 31, 2020

    ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්‌ මේවන විට පුද්ගලයින්‌ 7,358 දෙනෙක්‌ අත්‌අඩංගුවට ගෙන තිබේ.

    අත්‌අඩංගුවට ගත්‌ වාහන සංඛ්‍යාව 1,768කි‌.

    ගත වූ පැය 24 තුළ පමණක්‌ දිවයිනේ විවිධ ප්‍රදේශවලින්‌ පුද්ගලයින්‌ 508 දෙනෙක්‌ අත්‌අඩංගුවට ගත්‌ බවයි, පොලිස්‌ මූලස්ථානය නිවේදනය කළේ. ඒ අතර වාහන 125ක්‌ ද අත්‌අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර කොළඹ, ගම්පහ, කළුතර, පුන්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතිය නැවත දැනුම්‌ දෙනතුරු ක්‍රියාත්මකයි. සෙසු දිස්ත්‍රිකවල ඇඳිරිනීතිය හෙට උදෑසන 6.00 දක්වා ක්‍රියාත්මක අතර පස්වරු 2.00ට යළි පැනවීමට නියමිතයි. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත්‌ කාර්යයන්‌ සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්‌ තහනම් වේ.

    Latest News