දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ පසුගිය මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් පුද්ගලයින් 66,662 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
එම කාලය තුළ රථවාහන 18,778ක් සිය භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සඳහා දිවයින පුරා සිදු කළ වැටලීම්වල දී අත්අඩංගුවට ගෙන 22,591 දෙනෙකුට නඩු පැවරා ඇති අතර පුද්ගලයින් 9,067ක් දෙනෙකුට දඬුවම් නියම කර තිබේ.