පාඨකයන් සොයා එන පුස්තකාලය (වීඩියෝ)

මාර් 31, 2020
  • රටේ පවතින වාතාවරණය නිසා පොතපත කියවන්න පුස්තකාලයට යන අයට මේ දිනවල එය කිරීමේ හැකියාවක් නැහැ.

    පුස්තකාලයකට යන්න බැරිඋනත් එම සේවාව පාඨකයන් සොයා එන්න දැන් පටන් අරන්.

    මේ දිනවල ක්‍රියාත්මක වන ඇඳිරි නීතියත් සමඟ නිවෙස්වලට වී කාලය ගත කරන වැඩිහිටියන්ගේ සහ දරුවන්ගේ මානසිකත්වය ඉහළ නැංවීමට හැටන් දික්ඔය නගර සභාව අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කළේය. ඒ, ජංගම පුස්තකාල වැඩසටහනක් ඇරඹීමෙන්. ඒ අනුව දරුවන්ටත් වැඩිහිටියන්ටත් නිවසේ සිටම කියවීමට වටිනා පොත්පත් නිවස අසළටම ගෙනත් දෙන පුස්තකාල සේවාවක් හැටන් දික්ඔය නගර සභාව ක්‍රියාත්මක කරයි. පුස්තකාලයට ගොස් පොත්පත් තමන්ට අවශ්‍ය පරිදි තෝරා ගන්නවා සේම මෙම ජංගම පුස්තකාලයෙන් පොත්පත් තෝරාගත හැකිය. ඒවා නැවත බාරදී වෙනත් පොත් ලබාගෙන දැනුම වර්ධනය කරගන්නට හැකි වන පරිදි හැටන් දික්ඔය නගර සභාව සිය නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට පහසුකම් සලසා තිබේ. මෙය සෙසු ප්‍රදේශවලටත් වටිනා ආදර්ශයක්.

    Last modified on අඟහරුවාදා, 31 මාර්තු 2020 20:02

    Latest News