කොවිඩ් නිසා වසන්ත සැණකෙළියත් කල් යන ලකුණු

අප්‍රේ 09, 2020

    කොරෝනා වෛරසය රට තුල පැතිරීයාමේ අවධානම මත නවතා දමන ලද නුවරඑළිය වසන්ත උත්සවය ලබන අගෝස්තු මාසයේදි හෝ ඉන් පසුව කුඩා උත්සවයක් ලෙස පැවැත්වීමට අවධානය යොමුව ඇත.

    ඒ බව නුවරඑළිය මහා නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා අද (09) පැවැසීය.

    2020 වසරේ නුවරඑළිය වසන්ත උත්සවය සඳහා නුවරඑළිය මහා නගර සභාව සුදානම් වුයේ 2019 වසරේ දෙසැම්බර් මාසේ සිටයි.

    රටේ පවතින තත්ත්වය මත නුවරඑළිය නගරයේ සෞඛ්‍ය වැඩ සටහන්වලට මුල්තැන දෙමින් කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබේ.

    අඩු ආදායම්ලාභීන්ට නගර සභාව මගින් වියළි ආහාර ද්‍රව්‍ය සහණදායි මුදලට ලබාදීමේ වැඩ සටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇත.

    Latest News