ඇදිරි නීතිය අස්සේ නිදන් හෑරූ 6 කට වැඩ වරදී

අප්‍රේ 10, 2020

    කල්පිටිය පොලිස් වසමේ ඒත්තාල එරඹුගොඩැල්ල පෞද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටියදී අත් අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කල සැකකරුවන් 06 දෙනා ලබන 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලෙස පුත්තලම අතිරේක දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් රහිරු නිර්මාල් ද සිල්වා මහතා නියෝග කලේ.

    ඇදිරි නීති කඩ කරමින් 09 දා අළුයම මෙම පිරිස නිධානයක් හාරමින් සිටියදී නාවික හමුදා බුද්ධි අංශවලට ලැබුණු තොරතුරු මත කල්පිටිය පොලීසය මගින් අත් අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

    Latest News