හිඟයකින්‌ තොරව වෙළඳපොලට සහල්‌ (වීඩියෝ)

අප්‍රේ 11, 2020
  • පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මලදී ගැනීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    මේවන විට දිස්තික්කයෙන්‌ රජය මිලදී ගෙන ඇති වී ප්‍රමාණය මෙට්‍රික්‌ ටොන්‌ දොළොස්දහස්‌ පන්සිය හනලිස්‌ පහකි.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලීම මේවන විට පවතින්නේ අවසන්‌ අදියරේයි. වී අලෙවි මණ්ඩලය සහ කුඩා සහ මධ්‍යම පරිමාණ වී මෝල්‌ මගින්‌ ද වී මිලදී ගැනීම සිදු කෙරේ. රජය වී මිලදී ගැනීම සදහා රුපියල්‌ මිලියන 575ක්‌ වෙන්‌ කර ඇඟති බවයි, පොළොන්නරැව දිස්ත්‍රික්‌ ලේකම්‌, ඩබ්‌. ඒ. ධර්මසිරි මහතා ප්‍රකාශ කළේ.

    මිලදී ගත්‌ වී සහල්‌ කිරීම මේවන විටත්‌ ආරම්භ කර ඇති බව වාර්තාවේ. හිඟයකින්‌ තොරව වෙළඳපොලට සහල්‌ නිකුත්‌ කිරිමට පොළොන්නරුව සහල්‌ නිෂ්පාදන සංගම්‌ පියවර ගෙන තිබේ.

    Last modified on සෙනසුරාදා, 11 අප්‍රේල් 2020 19:55

    Latest News