එළවලු‌ නිෂ්පාදන සෘජුව මිලදී ගැනීමට රජයෙන් වැඩපිළිවෙළක් (වීඩියෝ)

අප්‍රේ 11, 2020
  • එළවලු‌ නිෂ්පාදන ගොවින්ගෙන්‌ සෘජුව මිලදී ගැනීම සඳහා රජයෙන් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

    මෙම වැඩපිළිවෙළ අද(11) සිට ක්‍රියාත්මකයි. මෙය, ජනාධිපතිතුමාගේ හා අමාත්‍යවරයාගේ උපදෙස්‌ පරිදි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින්‌ එය ක්‍රියාවට නංවනු ලබයි.

    ගොවි නිෂ්පාදන මිලදී ගැනීම සිදුකරන්නේ, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේයි. ඉන් ගොවීන්ට ඉහළ ආදායමක්‌ මෙන්ම, පාරිභෝගිකයාට අවම මිලක්‌ යටතේ භාණ්ඩ මිලදී ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    දඹුල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක එළවළු තොග මිලදී ගැනීම අද සිදු කෙරිණ. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයගේ වෙළඳ සංගමයේ ව්‍යාපාරිකයන්ගේ සහයෝගය ද මීට හිමි ඇත.

    මේ අතර, ගලේවෙල එළවලු ගොවීන්‌ තම අස්වනු ඍජුවම වෙළෙඳුන්ට අලෙවි කිරීමේ වැඩසටහනක්‌ ගලේවෙල බස්නැවතුමිපොල පරිශ්‍රයේදී ඊයේ පස්වරුවේ සංවිධාන කර තිබිණි. ඒ, ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සහ පොලිසියෙ දායකත්වයෙනි‌.

    Last modified on සෙනසුරාදා, 11 අප්‍රේල් 2020 20:26

    Latest News