මසුන් ඇල්ලු 18ක් කොටු

අප්‍රේ 14, 2020

    ත්‍රිකුණාමලය, එළිසෙබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා ගෙන ඇත.

    නාවික හමුදා නැගෙනහිර නාවික විධානයට අයත් මුර යාත්‍රාවක් මත්‍රිකුණාමලය, එළිසෙබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කල මුර සංචාරයකදී සැක සහිත යාත්‍රා කිහිපයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී නීති විරෝධී ලෙස වලංගු ධීවර බලපත්‍ර රහිතව කිමිදුම් කටයුතු සිදුකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 18 දෙනෙකු සමඟ ධීවර යාත්‍රා 06 ක්, කිමිදුම් උපකරණ කිහිපයක් සහ එම ධීවර යාත්‍රා තුල තිබූ අනෙකුත් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගැනේ.

    මොවුන් වයස අවුරුදු 28 - 55 ත් අතර වයසේ පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

     

    Latest News