තවත් සහනයක් රක්ෂණ ඔප්පු හිමියන්ට

අප්‍රේ 14, 2020

    කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ මත මෙම සහන හිමි වේ.

    රක්ෂණ වාරික ගෙවිම සඳහා මාස 03ක සහන කාල සීමාක් ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන්.

    එම සහන කාල සීමාව සාමාන්‍ය රක්ෂණ ඔප්පු හිමියන්ට මෙන්ම ජිවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ද අදාළ වන බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේය.

    සහන කාල සීමාව තුළ රක්ෂණ ඔප්පු ප්‍රාණවත්ව පවතින බැවින් රක්ෂණ ඔප්පුවේ ප්‍රතිලාභ වලට කිසිදු බලපෑමක් සිදු නොවේ.

    Latest News