ග්‍රෑන්ඩ්පාස්,නාගලගං වීදිය හුදකලේ කෙරේ

අප්‍රේ 16, 2020

    ග්‍රෑන්ඩ්පාස්හි, නාගලගම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් හඳුනාගැනිමත් සමඟ අද (16) සිට එම ප්‍රදේශය හුදකලා කිරිමට පියවර ගෙන ඇති බව, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ප්‍රදේශයට පිවිසිය හැකි මාර්ග ද මේ වන විට සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ.

    ජා ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ නිරෝධායන කටයුතු මඟ හැර සිට කෙරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් සමඟ සබඳතා පැවැත්වූ කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලගම ප්‍රදේශයන්හි පුද්ගලයින් 100 දෙනෙක් ඊයේ (15) නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනිණ.

    ඒ ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේ පිහිටා ඇති නාවික හමුදා මැරීන් බළඝණ මූලස්ථානයෙහි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 08:36

    Latest News