කොමඩු අස්වැන්න අපනයනයට පුද්ගලික සමාගමක සහය

අප්‍රේ 15, 2020

    කොවිඩ් නයින්ටීන් වසංගතයත් සමඟ රට තුළ පවතින ඇඳිරි නීතිය හේතුවෙන් විකුණා ගැනීමට නොහැකි වී ඇති කොමඩු අස්වැන්න අපනයනය කිරීමට මෙරට පෞද්ගලික සමාගමක් අද (15) ඉදිරිපත් වුණි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ඉල්ලීමක් මත එම සමාගම අද පළමු අස්වැන්න මිලදී ගත්තේය.

    ශ්‍රී ලංකාවේ මහවැලි ව්‍යාපාරය ඇතුළු වියළි කලාපීය ප්‍රදේශවල සරුවට වැවෙන කොමඩු, අපේ රටේ ගොවීන් අතර ඉතා ජනප්‍රිය භෝග වගාවක්.

    නමුත්, රටේ පවතින ඇඳිරි නීති වාතාවරණය තුළ එම අස්වනු අලෙවි කර ගැනීමට නොහැකි වීමත්, අස්වනු සඳහා ප්‍රමාණවත් මුදලක් නොලැබීමත් ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත.

    කොමඩු අස්වැන්න මෙලෙස විකුණා ගත නොහැකිව ඇති පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වී මෙරට පළතුරු හා ආර්ථික භෝග අපනයන සමාගමක් වන සැන්මික් සමූහ ව්‍යාපාරය සමග ඊයේ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අද දිනයේදීම කොමඩු මිලදී ගැනීම ආරම්භ කළේය.

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා දිවයින පුරා සිටින ගොවීන්ගෙන් කොමඩු මිලදී ගැනෙනු ඇති.

    Latest News