නව රජයට ලෝක ප්‍රජාවගෙන් සහය-අමාත්‍ය වජිර

දෙසැ 20, 2018

    දේශීය වශයෙන් කඩා වැටුණු ආර්ථිකය මෙන්ම, රාජ්‍ය පෞද්ගලික අංශයේ විශ්වාසය මේ වනවිට ශක්තිමත් වෙමින් පවතින බව, මැති-ඇමතිවරු පවසති.

    අරලියගහ මන්දිරයේ අද උදේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව කියා සිටියහ. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා...
    “මේ වෙච්ච සිදුවීම හරහා රටට සිදුවෙච්ච ආර්ථික, දේශපාලන ගැටලුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව එය යම් තාක් දුරට යථා තත්වයට පත්වුණා. එතුමාගේ වසර 40ක දේශපාලන පළපුරුද්දත්, ආර්ථික පළපුරුද්දත් නිසාම දැනටමත් රජයේ විවිධ අංශවල කඩාවැටීම් සිද්ධ වෙච්ච සියල්ලම යථා තත්වයට පත්වෙමින් තියෙනවා.

    ඒ එක්කම විශ්වාසය තහවුරු වෙලා තියෙනවා. එතකොට දේශීය වශයෙන් විශ්වාසය රාජ්‍ය අංශයේත්, පෞද්ගලික අංශයේත් සහතික විය යුතුව තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙනුත් අපේ මුදල් ගනුදෙනු කරන ආයතන හැටියට ගත්තොත් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා ආයතනය වෙනත් ණය දෙන ආයතන හා සියලු ආයතන රාශියක් සමඟ කඩිනමින් දැඩි විශ්වාසයක් රජය කෙරෙහි ඇතිවෙලා තියෙනවා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සඳහන් වෙනවා තනි ආණ්ඩුවක් නම් කැබිනට් මණ්ඩලය 30කට සීමා විය යුතුයි. ජාතික ආණ්ඩුවක් නම් එය ඊළඟට එය කෙසේ ද ක්‍රියා කරන්නේ කියලා. පාර්ලිමේන්තුවේ ජාතික ආණ්ඩුවක් සඳහා අනුමැතියක් කලිනුත් තියෙනවා. ඒ අනුව ජාතික ආණ්ඩුවේ කොටසක් ඉවත් වුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ වැඩිම ආසන සංඛ්‍යාව හිමි දේශපාලන පක්ෂය හා ස්වාධීන කණ්ඩායම් එකතුව සාදනු ලබන රජය ජාතික ආණ්ඩුවක් හැටියට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ.

    දැනටමත් පක්ෂ කිහිපයක එකමුතුවක් තිබෙන නිසා ජාතික ආණ්ඩුවක් සඳහා යනවද නැද්ද කියන එක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමත්, රජයේ සිටින එක්සත් ජාතික පෙරමුණේ අනෙක් පක්ෂත්, ඒකමතිකව තීරණය කර තිබෙනවා.“ යැයි වජිර අබේවර්ධන මහතා පැවසීය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න..Ru News Alert Super 00238

     

     

     

     

    Latest News