තෙවැනි කාර්තුවේ 2.9 ක ආර්ථික වර්ධනයක්

දෙසැ 20, 2018

    ශ්‍රී ලංකා ආර්ථිකය මේ වසරේ තෙවැනි කාර්තුවේදී සියයට 2.9ක වර්ධනයක් අත්කර ගනී.

    කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන අංශවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරේ. තෙවන කාර්තුව සඳහා ජුලි, අගෝස්තු, සැප්තැම්බර් යන මාස සලකා බැලේ. මේ වසරේ තෙවැනි කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් යටතේ ඇස්තමේන්තු කෙරුණු දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන විසිහතර ලක්‍ෂ තිස් එක්දහස් හයසිය විසිහතකි.

    පසුගිය වසරේ එම කාලයේ එය, රුපියල් මිලියන විසිතුන් ලක්‍ෂ හැට දෙදහස් හයසිය අනූ අටක් විය. කෘෂිකර්ම අංශයේ පසුගිය වසරේ තෙවැනි කාර්තුවේ වාර්තා වූ සියයට 3.0ක සෘණ වර්ධනයට සාපේක්‍ෂව මේ වසරේ එය, සියයට 3.3ක ධන වර්ධනයක් අත් කරගෙන තිබේ.

    ප්‍රමුඛ වශයෙන් වී වගාව පසුගිය වසරේ තෙවැනි කාර්තුවේ දී වාර්තා කර තිබූ සියයට 32.8 පසුබෑමට සාපේක්‍ෂව මේ වසරේ එම කාලය තුළ සියයට 41.9ක ඉහළ ධන වර්ධන වේගයක් අත්කර ගෙන ඇත.

    කර්මාන්ත හා ආර්ථික ක්‍ෂේත්‍රයේ ද සියයට 1යි දශම 9ක වර්ධනයක් පෙන්නුම් කෙරේ. සේවා අංශයේ ද සියයට 3යි දශම නවයක ධන වර්ධන වේගයක් වාර්තා කරයි. විදුලි සංදේශ, මූල්‍ය, රක්‍ෂණ, සෞඛ්‍ය, තොරතුරු සේවා, මෙන්ම, වෙළෙඳාම යන අංශවල ද ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න..Ru News Alert Super 00238

     

     

    Last modified on සිකුරාදා, 21 දෙසැම්බර් 2018 09:11

    Latest News