රන්ජන් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරේ

අප්‍රේ 16, 2020

    රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීගමුව පල්ලන්සේන ප‍්‍රදේශයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

    පෙරේදා දිනයේ කොළඹ මැගසින් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු මීගමුවේ නිරෝධයන මධ්‍යස්ථානට හිටපු මන්ත‍්‍රීවරයා යොමු කර තිබේ.

    කොරෝනා වෛරසය බන්ධානාගාර තුළට පැතිරීම වැළැක්වීම සඳහා සහ බන්ධනාගාර තදබදය අඩුකිරීම සඳහා මේ දිනවල රක්ෂිත බන්ධනාගාර ගත වන ඇතැම් පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරයි.

    පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි එල්ල වූ චෝදනාව මත අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අධිකරණය විසින් 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

    Latest News