කොටහේනෙන් හමුවූ කොරෝනා රෝගියා ඉන්දියාවේ සිට පැමිණි අයෙක්

අප්‍රේ 16, 2020

    ඊයේ (15) දිනයේදී වාර්තා වූ 05 වන කොරෝනා රෝගියා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටී.

    මෙම කාන්තාව ඉකුත් මාර්තු මස 12 වෙනිදා ඉන්දියාවේ සංචාරයක්‌ නිමවා මෙරටට පැමිණ ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.

    වෙනත් රෝග සඳහා මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට තිබු අතර එහිදී වෛද්‍යවරුන් විසින් සිදුකළ PCR පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව අනාවරණය වූ බව මෙහිදී හමුදාපතිවරයා සඳහන් කර ඇත.

    මෙම කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් සොයා ගැනීමට බුද්ධි අංශ මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

    Latest News