රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ එදින පෙරවරුවේ මෙම රැස්වීම පැවැත්වෙයි. ඒ අනුව මැතිරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්විමට නියමිත බවයි, වාර්තා වන්නේ.
මැතිවරණ කොමිෂමේ නිලධාරින් සිදු කරන සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ද සැලසුම් කර තිබේ. කෙසේවෙතත් මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මෙහිදී අවධානයක් යොමු නොවනු ඇති බව සඳහන්.