මෙරටින් කොරෝනා ආසාදිතයින් 310ක්

අප්‍රේ 21, 2020

    අද දින (21) වන විට කොරෝනා වෛරසය ආසාදිත තහවුරු කළ රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

    ඉන් රෝගීන් 5 දෙනෙකු වාර්තා වී ඇත්තේ, කොළඹ 12,බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිස අතරින්. අනෙක් රෝගියා රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වන අතර කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ළඟින් ඇසුරු කළ අයෙකි.

    ඒ අනූව, මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුලු රෝගීන් සංඛ්‍යාව 310ක් වෙයි. එසේම මෙම රෝගීන්ගෙන් 100 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

     

     

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 18:22

    Latest News