ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම, ප්‍රධාන අරමුණු 37ක්‌ ඔස්සේ

අප්‍රේ 24, 2020

    ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රධාන අරමුණු 37ක්‌ ඔස්සේ ක්‍රියාත්මක බව රජය පවසයි.

    මෙරට ආර්ථිකමය හා සමාජයීය අභියෝග හා අවස්ථා කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින්‌ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කරුණු පදනම්‌ කරගනිමින්‌ නව ප්‍රවේශයකින්‌ ආර්ථික වැඩපිළිවෙල සකස්‌ කෙරිණ. මෙරටට අනන්‍ය වූ ආර්ථික රාමුවක්‌ සකස්‌ කිරීමෙන්‌ නිෂ්පාදන ආර්ථිකයක්‌ සඳහා අදාළ ආයතන සමග පියවර ගත යුතු වචන බවයි, අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ නිකුත්‌ කළ නිවේදනයේ සඳහන්‌ වන්නේ. කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරීමෙන්‌ අනතුරුව පළමු හමුව ඊයේ පැවැත්වුණේ, එහි සභාපති බැසිල්‌ රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි‌. ඒ, අරලියගහ මන්දිරයේදීය. මෙහිදී ජන ජීවිතය යථා තත්ත්වයෙන්‌ පවත්වාගෙනයාම පිළිබඳ අවධානය යොමු කෙරිණ. ව්‍යාපාරික කටයුතු ඇතුළු ශ්‍රී ලංකාවට ඉදිරියේදී මුහුණදීමට සිදුවන ආර්ථිකමය සහ සමාජමය අභියෝග කළමනාකරණය කර ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි. සියලු පළාත්‌ පාලන ආයතන, දිස්ත්‍රික්‌ ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාමීය මට්ටමේ නිලධාරීන්‌ සම්බන්ධීකරණය කරගනිමින්‌ මෙම කාර්ය සාධක බලක ඉදිරියේදී කටයුතු ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.

    Latest News