තවත් COVID-19 ආසාදිතයින් 30ක් සොයා ගැනේ (වීඩියෝ)

අප්‍රේ 24, 2020
  • මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාධනය වූ රෝගීන් ප්‍රමාණය 414ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද පස්වරුවේ වැලිසර නාවික කඳවුරෙන් හඳුනාගත් නවතම ආසාදිතයින් 30 දෙනාත් සමගයි. අද වාර්තා වූ අනෙක් රෝගීන් 11 දෙනා ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතෙන් නිරෝධායනට යොමු කර සිටි පිරිස අතරින් සොයා ගෙන ඇත.

    මේ දක්වා දිනකදී හමුවූ වැඩිම රෝගීන් පිරිස මෙම පිරිසයි.

    ඒ අනුව මේ වන විට 300 දෙනෙක් COVID-19 ආසාදිතයන් ලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබති. තවද මේ වන විට රෝගීන් 107 දෙනෙකු රෝගය සුව වී නිවෙස් බලා ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

    එමෙන්ම 183 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර මේ වන විට COVID-19 නිසා මිය ගිය ගණන 07කි.

     

    Last modified on සිකුරාදා, 24 අප්‍රේල් 2020 19:31

    Latest News