මෙරට රෝගය ව්‍යාප්තවීම පාලනය සම්බන්ධයෙන් යහපත් මට්ටමක (වීඩියෝ)

අප්‍රේ 30, 2020
  • පලොව අනෙකුත් රටවල් සමඟ සසඳන විට පුද්ගලයන් දස ලක්‍ෂයක නියැදියක් තුළ මෙරට රෝගය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් යහපත් මට්ටමක ඇතැයි රජය පවසයි.

    මේ අතර අද දිනය තුල මෙරටින් වාර්තා වූයේ කොවිඩ්-19 රෝගීන් සිව් දෙනෙකු පමණි. කොවිඩ් 19 රෝගය වැළඳුණු 507 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබයි. පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගිය සංඛ්‍යාව සිව් දෙනෙක්.

    ඒ අනුව, කොවිඩ් 19 වැළඳුණු 139 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ. අද වාර්තා වූ රෝගීන් සිව් දෙනාම ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝදායනට යොමු කෙරුණු සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 අප්‍රේල් 2020 20:55

    Latest News