ශ්‍රී ලංකාවේ ෙකාෙරා්නා සුව වූ ගණන 154 දක්වා ඉහළට

මැයි 01, 2020

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාධනය වූ රෝගීන් ප්‍රමාණය 665ක් වී තිබේ.

    ඒ ඊෙය් දිනයේ වාර්තා වූ රෝගීන් 16 දෙනාත් සමගයි. එමෙන්ම ඊෙය් දිනයේ තවත් රෝගීන් 15 දෙනෙකු රෝගය සුවවී නිවෙස් බලා ගොස් ඇත. ඒ අනුව මේ වන විට රෝගීන් 154 දෙනෙකු රෝගය සුව වී නිවෙස් බලා ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

    මේ වන විට 504 දෙනෙක් COVID-19 ආසාදිතයන් ලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබති.

    ඒ අතර 187 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර මේ වන විට COVID-19 නිසා මිය ගිය ගණන 07කි.

    Last modified on සිකුරාදා, 01 මැයි 2020 09:54

    Latest News